ක්‍රීඩා

මුත්තයියා මුරලිදරන්ගේගේ ක්‍රිකට් දිවිය සිනමා නිර්මාණයකට

(UTV|ඉන්දියාව) – ශ්‍රී ලංකාවේ හිටපු දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ  ක්‍රිකට් දිවිය ඇතුලත් ‘800’ නම් චිත්‍රපටය මිර්මනය කිරීමට සුදානම් වේ.මෙහි මුත්තයියාගේ චරිතයට පණ දෙන්නේ දමිළ නළු විජේ සේතුපති විසිනි.

ඉන්දීය මාධ්‍ය  වාර්තා පවසන්නේ මෙහි රූගත කිරීම් ලබන දෙසැම්බර් මාසයේදී ආරම්භ වන බවයි.

මෙම චිත්‍ර පටයේ එංගලන්තයේ සහ ලෝකයේ වෙනත් රටවල රූගත කිරීමට නියමිතය.

මීට විශාල වියදමක් දැරීමට සිදුවන් බවද  ඉන්දීය  මාධ්‍ය පෙන්වා දෙයි.

මුත්තයියා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම සාර්ථක පන්දුයවන්නා බවට පත්වන්නේ දෙවන ස්ථානය හිමිකරු වන ෂේන් වෝන්ට වඩා කඩුලු 92 වැඩින්ය .

මුරලිදරන් එක්දින තරගවලදී කඩුලු 534 ක් හා විස්සයි 20 තරග 12 කදී කඩුලු 13 ක් දවාගෙන ඇති අතර එමඟින් ඔහු ජාත්‍යන්තර කඩුලු 1,247 ක් දවාගෙන තිබේ.

1972 දී මහනුවරදී උපත ලැබූ මුරලිදරන් 1992 සිට 2011 දක්වා කාලය තුළ ටෙස්ට් 133 ක්, එක්දින තරග 350 ක් සහ විස්සයි 20 තරග 12 කට ක්‍රීඩා කර ඇති අතර ඔහුගේ සුවිශේෂී පන්දු යැවීමේ ක්‍රියාව සඳහා වරින් වර නීතිමය අභියෝගයන්ට මුහුණ දීමට සිදුවිය.

එසේ වුවද ඔහු පසුව ක්‍රීඩාවේ විශිෂ්ටතම ක්‍රීඩකයා බවට පත්විය. ඔහු 1996 දී ලෝක කුසලානය දිනාගත් ලංකා කණ්ඩායමේද ප්‍රධාන සාමාජිකයෙකි.

Related posts

ශ්‍රේණිගත කිරීම් වලින් ඉදිරියට ආ අපේ පිතිකරුවන්

Mohamed Dilsad

ධනුෂ්ක ට ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

IPL ක්‍රීඩක වෙන්දේසියට දින තීරණය වේ

Mohamed Dilsad

Leave a Comment