විදෙස්

තාවකාලිකව නවතා දැමු ඉන්දියාවේ දෙවන සඳ ගමන අද.

(UTV| ඉන්දියාව) – තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව නවතා දැමුණු ඉන්දියාවේ දෙවන සඳ ගමන අද (22) යළි සිදුකිරීමට සැළසුම් කර තිබෙන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය වේලාවෙන් අද පස්වරු 2.43 ට සඳ ගවේෂණය සඳහා චන්ද්‍රයාන් දෙක යානය අභ්‍යවකාශ ගතකිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වේ.

පසුගිය 15 වනදා චන්ද්‍රයාන් දෙක අභ්‍යවකාශ ගතකිරීමට නියමිතව තිබුණ අතර මෙම චන්ද්‍රයාන් දෙක මෙහෙයුමේ අරමුණ වී තිබුණේ චන්ද්‍රයා මතුපිට ජලය, ඛනිජ සහ පාෂාණ සංයුතිය පිළිබඳ තොරතුරු රැස් කිරීමයි.

මෙම චන්ද්‍රයාන් දෙක මෙහෙයුම ඇමරිකානු ඩොලර් මිලියන 150 ක වියදමින් සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෞදි යුද්ධ ගුවන් යානයක් යේමනයේදී කඩා වැටෙයි

Mohamed Dilsad

වෙනිසියුලාවේ ගැටළුව සාමකාමීව විසඳාගන්න.. – ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සැර නිවේදනයක්

Editor O

එවරස්ට් කන්දේ උස තව වැඩිවෙයි

Mohamed Dilsad

Leave a Comment