ප්‍රමුඛ පුවත 1

මුස්ලිම් මන්ත්‍රීවරුන් යළිත් ඇමතිධූරවල දිවුරුම් දෙන දිනය මෙන්න

(UTV | කොළඹ) – සිය ධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් සියලු දෙනා විදෙස්ගතව සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා දිවයිනට පැමිණි පසු යළි එම ධුරයන්හි දිවුරුම් දෙන බව අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා මහනුවර පැවැති මාධ්‍ය හමුවකින් පසුව අදහස් දක්වමින් සදහන් කළේය.

රිෂාඩ් බදියුදින් මහතාට එරෙහි චෝදනා සනාථ වී නොමැති බව පොලිසිය විසින් දන්වා ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ප්‍රකාශ කළ බවත් , ඒ මහතා ද යළි අමාත්‍යධුර භාර ගන්නා පිරිසට අයත් බවත් හලීම් මහතා අවධාරණය කළේය.

එසේම දැනට කතා බහට ලක්වන මුස්ලිම් විවාහ නීති සංශෝදනයන් ද ඉදිරියේදී සිදුවනු ඇති බව අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා අවධාරණය කළේය.

Related posts

” ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදනවා” – සජිත් [VIDEO]

Mohamed Dilsad

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වේ

Mohamed Dilsad

කටුකුරුන්ද බෝට්ටු අනතුරින් මියගිය අයෙකුට ලක්ෂයක වන්දි මුදලක්

Mohamed Dilsad

Leave a Comment