ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තු මස

 

(UTV | කොළඹ) – පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයාබලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තු 23 වනදා නිකුත් කිරීමට නියමිතව ඇති අතර , ඊට අදාළ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව තේරීම් කමිටු සාමාජිකයෙකු සදහන් කළේය.

මෙම තේරීම් කාරක සභාවට සාක්ෂි ලබාදීම සදහා තවදුරටත් සාක්ෂි විමසීම සදහා කැදවන්නේ කවුරුන් ද යන්න මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බවත් වාර්තා වෙයි.

තේරීම්කාරක සභාව එළඹෙන 24 වනදා යළි රැස්වීමට නියමිත අතර , එදින පෙරවරු 10.30 සිට පස්වරු 6.30 දක්වා සාක්ෂි විමසීම සිදුකරනු ලබන්නේ බුද්ධි අංශ ප්‍රධානීන්ගෙන්.

ඒ අනුව, රාජ්‍ය බුද්ධි ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතව තිබේ.

එමෙන්ම, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරයෙකු වන තරංග පතිරණ එදිනට සාක්ෂි ලබාදෙනු ඇත.

Related posts

උතුරු නැගෙනහිර සංවර්ධනයටත්, යුද්ධයෙන් අවතැන්වූ ජනතාව නැවත පදිංචිකිරීමටත් මෙවර අයවැයෙන් වැඩි අවධානයක් – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 8 ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත්කිරීම අද

Mohamed Dilsad

හෙට දින ජාතික ශෝක දිනයක්

Mohamed Dilsad

Leave a Comment