ප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක 8 ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත්කිරීම අද

(UTV|කොළඹ)  – පළාත් පාලන ඡන්ද විමසීමට අදාල තැපැල් ඡන්ද පත්‍රිකා සහ ගෘහ දැන්විම් පත්‍රිකා අද දිනයේ දී දිස්ත්‍රික්ක 08ක් සඳහා නිකුත් කිරිමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම් සභාව පවසයි.
එමෙන්ම සෙසු තැපැල් ඡන්ද පත්‍රිකා සහ ගෘහ දැන්විම් පත්‍රිකා හෙට දිනයේදී තැපෑලට භාර දෙන බව එම කොමිසම සදහන් කළේය.
ඡන්ද පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු ඊයේ (11) දිනයේදී සිදු කිරිමට නියමිතව තිබුණ ද එම කටයුතු දින දෙකකින් කල්දැමිමට එම කොමිසම පියවර ගත්තේය.
ගෘහ දැන්වීම් ලේඛනය රජයේ මුද්‍රණාලයෙන් ලැබීමේ ප්‍රමාදය හේතුවෙන් සහ තැපැල් වර්ජනයක් සිදු කරන බවට තැපැල් වෘත්තිය සමිති සිදු කළ ප්‍රකාශ හේතුවෙන් මෙම පියවර ගනු ලැබීය.
කෙසේවෙතත් මේ වන විට මෙම සියලු කාරණා ගැටළු සහගත තත්ත්වයකට පත්නොවීම හේතුවෙන් අද සහ හෙට යන දෙදින තුළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ ගෘහ දැන්වීම් පත්‍රිකා බෙදාහැරිමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම සදහන් කළේය.
මේ අතර නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා එළඹෙන 18 වනදා තැපෑලට භාරදෙන බව ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහළට

Mohamed Dilsad

ඉන්දියානු අමාත්‍ය රවි ශන්කර් ප‍්‍රසාද් මහතා ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment