Trending News

අද සිට ජාතික මදුරු මර්දන සතියක්

(උදයම්,කොළඹ)  –  අද සිට අප්‍රේල් 4 වන දා දක්වා ජාතික මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ද සිසුන් හා දෙමාපියන්ගේ ශ්‍රම සහභාගීත්වයෙන් පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමට පියවර ගන්නා ලෙසයි සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා විදුහල්පතිවරුන් දැනුවත් කර තිබේ.

ඒ සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාංශයේ සහයෝගය ලබා ගනු ඇත.

ඩෙංගු මදුරු මර්දන සතියේ ක්‍රියාත්මක වැඩසටහන් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සැඳුම්ලත් කණ්ඩායම් 3000ක් පමණ සහභාගී වීමට නියමිතය.

කීට විද්‍ය සමීක්ෂණවලට අනුව ආයතන, පාසල්,ඉඳිකිරීම් පරිශ්‍ර හා ආගමික ස්ථාන ඩෙංගු මදුරුවන් බෝවන අවධානම් ස්ථාන බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ගතවූ මාස තුනක පමණ කාලය තුළ ඩෙංගු රෝගීන් 24,562ක් වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Related posts

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි.

Editor O

Sirisena and Madurangi to lead SL at Commonwealth TT Championship

Mohamed Dilsad

101 Fishermen apprehended for engaging in illegal fishing practices

Mohamed Dilsad

Leave a Comment