ප්‍රමුඛ පුවත 1

තලවකැලේ නගරයේ වෙළඳසැල් හදිසි පරීක්‍ෂාවකට

(UTV|නුවරඑළිය) – තලවකැලේ නගරයේ පිහිටි ආපන ශාලා සහ සිල්ලර වෙළදසැල් රැසක් අද (10) හදිසි පරික්ෂාවය ලක් කර තිබේ.

ඒ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසිනි.

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතාගේ උපදෙස් පරිදි කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ තලවකැලේ ලිදුල නගර සභාවේ  මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් එක්ව මෙම හදිසි පරික්ෂාව සිදු කරන ලදී.

මෙහිදි අපිරිසිදුව ආපන ශාලා පවත්වාගෙන ගිය ආපනශාලා හිමියන් සහ සිල්ලර වෙළදසැල් රැසක් නිතියේ රැහැනට කොටුකරගත් අතර ඔහුන්ට එරෙහිව ආහාර පනත යටතේ නීතිමය පියවර ගන්නා බව මෙම වැටලිමට සහභාගි වු මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පවසයි.

අඩුපාඩුකම් රැසක් සහිතව ආපන ශාලා සහ සිල්ලර වෙළදසැල් පවත්වාගෙන ගිය ආපන ශාලා හිමියන් සහ වෙළදසැල් හිමියන්ට  එම අඩුපාඩුකම් සපුරා ගැනිම සදහා දින 14 කාලයක් ලබාදුන් අතර එම කාලය තුලදි හදුනාගත් අඩුපාඩුකම් සපුරා යලිත් මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන්ගේ අධික්ෂනයට ලක් කළ යුතුය.

එසේ නොකරන ආපන ශාලා හිමියන් සහ වෙලදසැල් හිමියන්ට  එරෙහිව නීතිමය පියවර ගන්නා බව වැටලිම සිදු කල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයිටම් සිසුන්ගෙන් ජනපතිට යළිත් ලිපියක්

Mohamed Dilsad

සියලුම පාසල්වල ආපන ශාලා පරික්ෂාවට.

Mohamed Dilsad

මධුෂ් අත්අඩංගුවට ගැනීම වලක්වන්න නැන්දාගෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment