ක්‍රීඩා

ප්‍රබලතම වේග පන්දු යවන්නා ඉන්දියාවේ ජයත් සමග ලෝක කුසලානයට සමුදෙයි

 

ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ (08) පැවති තරගයෙන් කඩුලු o7 ක පහසු ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුනු සංඛ්‍යාව 264ක්.

ඇන්ජලෝ මැතිව්ස්  සිය 03 වන එක්දින ශතකය වාර්තා කළ අතර ඔහු එම ශතක තුනම රැස් කර තිබෙන්නේ ඉන්දියාවට එරෙහිව වාර්තා වීම විශේෂත්වයක්.

පිළිතුරු ඉණිම සදහා පිටියට පිවිසි ඉන්දියානුවන් පන්දුවර 43 යි පන්දු 3 කදී කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 265ක ඉලක්කය පහසුවෙන් ජය ගත්තේය.

ලංකාවේ ප්‍රබලතම වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඊයේ රාත්‍රියෙන් ඔහුගේ ක්‍රිකට් ලෝක කුසලාන වංශකතාවට නැවතීමේ තිත තැබුවේ ක්‍රිකට් ලෝලීන්ට දැඩි කණගාටුවක් ඉතිරි කරමින්.

35 හැවිරිදි වියේ පසුවන යෝකර් රජු ලෙස විරුදාවලි ලත් මාලිංග තරඟ 225 කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 335ක්.

ඒ අනුව ලෝක කුසලාන තරග ඉතිහාසයේ තෙවන වැඩිම කඩුළුලාභියා බවට පත්වෙමින් මාලිංග සිය ලෝක කුසලාන තරගාවලි 04 ක  මතකයන්ට සමුදුන්නේය.

Related posts

මැලේසියාවට එරෙහි 20-20 තරඟයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයගනී

Editor O

ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 600 ආසියාතික වාර්තාව තරුෂි කරුණාරත්න සතුවෙයි.

Editor O

ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

Editor O

Leave a Comment