ප්‍රමුඛ පුවත 1

කෝටියක් වටිනා හෙරොයින් තොගයක්‌ සමඟ පාකිස්තාන ජාතිකයෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ) – රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් එකක් සමඟ පාකිස්තාන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගැනේ.

ඊයේ රාත්‍රියේ මෙම පාකිස්තාන ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබේ.

කටාර් සිට පාකිස්තානය බලා යන අයුරින් ඔහු මෙම මත්කුඩු තොගය ගෙන ආ බව ගුවන්තොටුපල රේගුව පවසයි.

මෙම හෙරොයින් බ්‍රවුන් ෂුගර් වර්ගයේ ඒවා බවද හෙළිව තිබේ.

මෙම පාකිස්තාන ජාතිකයා විසින් සිය ගමන් මල්ලේ සූක්ෂම ලෙස හෙරොයින් මත්කුඩු තොගය සගවාගෙන රැගෙන යමින් සිටියදී සොයාගෙන ඇත.

ඔහුගේ සැක කටයුතු හැසිරීම හේතුවෙන් ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින් ඔහු පරීක්ෂා කිරීමේදී මෙම හෙරොයින් මත්කුඩු තොගය සොයා ගැනුණි.

සැකකරුගෙන්ග ගුවන් තොටුපළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන්  වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරයි.

Related posts

සීෂෙල්ස් රාජ්‍ය සමඟ ගිවිසුම් දෙකක්

Mohamed Dilsad

ඥානසාර හිමි උසාවියට භාර වෙයි

Mohamed Dilsad

නව ග්‍රාම නිලධාරීන් 1678ක් සඳහා පත්වීම් ප්‍රදානය කෙරේ

Mohamed Dilsad

Leave a Comment