ප්‍රමුඛ පුවත 1

මෙරට මරණ දඩුවම වහා අත්හිටුවන්නැයි හියුමන් රයිට්ස් වොච් කියයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඩුවම නැවත සක්‍රීය කිරීමට ගෙන ඇති තීරණය වහා අත්හිටුවිය යුතු බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

වසර 40 කට වැඩි කාලයක් මරණ දඩුවම ක්‍රියාත්මක නොකිරීමෙන් ආසියාවේ කීර්තිමත් රටක් ලෙස නමක් දිනා සිටි ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට එමගින් හානි විය හැකි බවත් , කවර හෝ වාතාවරණයක් යටතේ මරණ දඩුවම අනුමත කල නොහැකි බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.

එහි ආසියානු කලාපීය අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් මහතා පෙන්වා දෙන්නේ මෙය මානව හිමිකම් තත්වය සැළකීමේදී ප්‍රබල පසුබෑමක් විය හැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුද්ගලයින් කණ්ඩායමකට එරෙහිව කිසි විට නීතිය ක්‍රියාත්මක නොකරන බව අධිකරණ ඇමතිනිය කියයි

Mohamed Dilsad

පැය 9ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

2016 ශිෂ්‍යත්ව අභියාචනා භාර ගැනීම 15න් අවසන්

Mohamed Dilsad

Leave a Comment