ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයකට තද වැසි හා සුළං

(UTV| කොළඹ) – බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ සහ උතරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා තද සුළං සහ සෙසු ප්‍රදේශවල පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං ඇතිවීමේ ඉහල හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ‍නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන්ද කොළඹ, ගාල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි  අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට  අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නාමයෝජනා සඳහා විරෝධතා භාර ගැනීම ඇරඹේ [UPDATE]

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට – ඡන්ද රාජකාරියට ලක්ෂ 02ක කාර්ය මණ්ඩලයක්

Mohamed Dilsad

ඉන්දීය අගමැතිගෙන් නව ජනපති ආරාධනාවක්

Mohamed Dilsad

Leave a Comment