ප්‍රමුඛ පුවත 1

නවකවදයට එරෙහිව දැනුම් දෙන්න දුරකථන අංකයක්

(UTV| කොළඹ) – විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල සිදු කෙරෙන නවකවදය හා අනෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව පියවර ගණනාවක් ගෙන තිබෙන අතර ඒ සඳහා පැමිණිලි කිරීමට හදිසි දුරකථන අංකයක් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විශේෂ කාර්යාලයක් පිහිටුවා ඇති බව එම කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පැය 24 පුරාම ක්‍රියාත්මකවන 011-2123700 දරන දුරකථන අංකයට නවක වද සිද්ධියක් වූ වහාම දැනුම්දිය හැක.

ඒ පිළිබඳව විශ්වවිද්‍යාල බලධාරීන්ද දැනුම්වත් කොට අදාළ ප්‍රාදේශීය පොලිස් ස්ථානයටද පැමිණිලි කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිසුන්ගෙන් ඉල්ලා සිටියි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිහිටුවා ඇති විශේෂ කාර්යාලය රජයේ නිවාඩු දිනවල හැර අනෙකුත් දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා විවෘත ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2020 මුල් මාස 04 සදහා අතුරු සම්මත ගිණුමකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

Mohamed Dilsad

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

Mohamed Dilsad

රාජිත අපරාධ පරීක්ෂණ නිලධාරීන් භාරයට ගෙන නොමැත [UPDATE]

Mohamed Dilsad

Leave a Comment