ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවත් කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනයට

(UTV| කොළඹ) – ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවත් කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

රඹුක්කන, මහව, හලාවත, ගාල්ල සිට කාර්යාල දුම්රිය කිහිපයක් කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට කටයුතු කර ඇති අතර , මහනුවර සිට බෙලිඅත්ත දක්වා ද දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදවා ඇති බව එහි නියෝජ්‍ය ගමනාගමන අධිකාරි වජිර සමන් පොල්වත්තගේ ප්‍රකාශ කළේය.

දුම්රිය සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විධිමත් බස් රථ සේවාවක් සැපයීම සදහා ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇත.

වර්ජනය හේතුවෙන් බස් රථ 800 ක් යොදවා ඇති බවත් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.එච්. ආර්.ටී. චන්ද්‍රසිරි මහතා සදහන් කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන අවසන් තීරණය අද

Mohamed Dilsad

ජනපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබදව විශේෂ තීරණයක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පක්ෂ 2ම ලංකාව ගැන අදහස් දක්වයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment