ප්‍රමුඛ පුවත 1

ඉන්දීය බුද්ධි අංශ වෙතින් යළි අනතුරු ඇඟවීමක්

(UTV| කොළඹ)  – ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට ඇති IS ත්‍රස්ත සංවිධානයේ තර්ජන ඉදිරියේදී වැඩි විය හැකි බව ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවයි.

ඉන්දීය බුද්ධි අංශය විසින් එරට පොලිස් ප්‍රධානීන් වෙත ලිපි තුනක් මඟින් මේ සම්බන්ධයෙන් දැනුම් දී  ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඉරාකයේ සහ සිරියාවේ සිය බලය ගිලිහියාමත් සමඟ IS ත්‍රස්ත සංවිධානයේ අවධානය ඉන්දීය සාගර කලාපයට යොමු වී ඇති බැවින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව IS සංවිධානයේ තර්ජනයට ලක්විය හැකි බව ඉන්දීය බුද්ධි අංශ පෙන්වා දී ඇත.

ඉන්දීය බුද්ධි අංශය නිකුත් කර ඇති අදාල ලිපි මඟින් ඉන්දියාවේ ප්‍රහාර එල්ල විය හැකි අවදානම් ප්‍රදේශ කිහිපයක් පිළිබඳවද සඳහන් කර තිබේ.

මේ අනුව IS සාමාජිකයින් රට තුළට ඇතුලු වීම වැළැක්වීම සඳහා කේරල වෙරළාශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සජිත් අද පක්ෂ නායකයන් සමඟ සාකච්ඡාවකට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට පැනවු ඇඳිරි නීතිය ඉවතට..

Mohamed Dilsad

Leave a Comment