ප්‍රමුඛ පුවත 1

මාස 6 තුළ මිලියන 18ක බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට.

(UTV| කොළඹ) – රුපියල් මිලියන 18 කට අධික බීඩි කොළ තොගයක් පසුගිය මාස 6 තුළ සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පවසයි.

ඔහු පැවසුවේ බීඩිකොළ කිලෝ 15,500 ක් මෙම කාලසීමාව තුළ නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි.

මෙරටට හොර රහසේ ගෙන එන බීඩි කොළ හේතුවෙන් රේගු දෙපාර්තමේන්තුවට හිමිවිය යුතු විශාල ආදායමක් අහිමිවී යන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුහුණ ආවරනය කරන ඇඳුම් සම්බන්ධව ඇති විශේෂ ගැසට් නිවේදනය සංශෝධනයට සුදානම්

Mohamed Dilsad

නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සහ හිටපු ජනපති අතර හමුවක්

Mohamed Dilsad

ජනපති හා බංග්ලාදේශ විදේශ ඇමති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment