ප්‍රමුඛ පුවත 1

ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ඇතැම් සාක්‍ෂි මාධ්‍යට හෙළි නොකිරීමට තීරණයක්

(UTV| කොළඹ)  – පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී මින් ඉදිරියට සාක්ෂි විමසීමේදී ඇතැම් සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාවය හෙලි නොකිරීමට සහ සාක්ෂි විමසීම් රහසිගතව සිදු කිරිමට තීරණය කර තිබේ.

පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ඇතැම් සාක්ෂි විමසීමේදී මාධ්‍ය නොමැතිව සාක්ෂි සටහන් කිරිමට විශේෂ කාරක සභාව තීරණය කර ඇති බව එම විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.

ජාතික ආරක්ෂාවට අදාල සහ ආරක්ෂක බුද්ධි අංශ නිලධාරින්ගෙන් සාක්ෂි විමසීමේදී මාධ්‍ය නොමැතිව අදාල සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අකුණුසැර වැදී පුද්ගලයන් තිදෙනෙක් මියයයි…

Mohamed Dilsad

මාධ්‍යවේදී කීත් නොයාර්ගෙන් ප්‍රකාශයක් ගන්න CIDය ඕස්ට්‍රේලියාවට යයි

Mohamed Dilsad

පාරිභෝගික අධිකාරී විමර්ශන නිලධාරීන් රාජකාරීවලින් ඉවතට

Mohamed Dilsad

Leave a Comment