ප්‍රමුඛ පුවත 1

තවත් ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට

(උදයම්,තලෙයිමන්නාරම)   –  මෙරට මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුළු වු ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.
ඊයේ(23) රාත්‍රීයේ මෙම ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා සඳහන් කළේය.
අනලතිව් දූපත ආසන්නයේ දී ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකුද තලෙයිමන්නාරමට උතුරු මුහුදු ප්‍රදේශයේදී තවත් ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් කරෙයිනගර් සහ තලෙයිමන්නාරම නාවික හමුදා කඳවුරු වෙත රැගෙන එනබව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related posts

පුද්ගලයින් කණ්ඩායමකට එරෙහිව කිසි විට නීතිය ක්‍රියාත්මක නොකරන බව අධිකරණ ඇමතිනිය කියයි

Mohamed Dilsad

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකුට උසස් වීම්

Mohamed Dilsad

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment