ප්‍රමුඛ පුවත 1

තවත් ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට

(උදයම්,තලෙයිමන්නාරම)   –  මෙරට මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුළු වු ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.
ඊයේ(23) රාත්‍රීයේ මෙම ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා සඳහන් කළේය.
අනලතිව් දූපත ආසන්නයේ දී ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකුද තලෙයිමන්නාරමට උතුරු මුහුදු ප්‍රදේශයේදී තවත් ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් කරෙයිනගර් සහ තලෙයිමන්නාරම නාවික හමුදා කඳවුරු වෙත රැගෙන එනබව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related posts

ඇමති මංගලගේ නිවසේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

කේරලා ගංජා තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට විශේෂ පුහුණුවක්

Mohamed Dilsad

Leave a Comment