ප්‍රමුඛ පුවත 1

ඡන්ද හිමි නාමලේඛනය සමඟ වෙනත් පෝර්මයක් ලබා දුන්නේ නෑ

 

(UTV|කොළඹ) –  2019 ඡන්ද හිමි නාමලේඛනය සමඟ වයස අවුරුදු 15 ත්-17ත් ඡන්ද දායකයන් වීමට වයස් සම්පූර්ණ වීමට ආසන්න අයට පිරවීමට දුන් අයැදුම්පත හැර වෙනත් කිසිදු අයැදුම්පතක් ලබා දී නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත සඳහන් කරයි.

ජනතා වත්කම් යාන වාහන, ඉඩකඩම් ගැන විමසමින් ඇතැම් ග්‍රාම නිලධාරීන් විසින් වෙනත් පෝර්මයක් ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වන බවත් එය සම්පූර්ණයෙන්ම නීති විරෝධී කටයුත්තක් බවද ඒ මහතා පෙන්වා දෙයි.

ආරක්ෂක තොරතුරු වුවත් එසේ විමසීම වැරැදි සහගත බව පෙන්වා දුන් සභාපතිවරයා එවැනි අයැදුම්පතක් ග්‍රාම නිලධාරීන්ගේ පහසුව පිණිස එක විට ලබා දෙන්නේ නම් ඒබව ඡන්ද දායකයින්ට පැහැදිලිව දැනුම් දිය යුතු බවද කීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උපාධිධාරී සිසුන් 32ට නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ඇමති රිෂාඩ්ගෙන් මූල්‍යමය ප්‍රතිපාදන

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

හෙට සිට ඩෙංගු මදුරු මර්දන සතියක්

Mohamed Dilsad

Leave a Comment