Trending News

ජනාධිපති රුසියාව බලා පිටත්ව යයි

(උදයම්,කොළඹ)  –  තුන්දින විශේෂ නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රුසියාව බලා පිටත්ව යයි.

අද අලුයම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස දිවයිනයෙන් පිටත්ව ගිය බව අප ගුවන්තොටුපළ වාර්තාකරු සදහන් කළේය.

ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ විශේෂ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකු රුසියාවේ සංචාරයක නිරත වන්නේ දශක 4කට පමණ පසුවය.

මෙහිදී ශ්‍රී ලංකාවට වැදගත් වන ආර්ථික, වෙළඳ, සංචාරක, විද්‍යා හා තාක්ෂණ, අධ්‍යාපන සහ සංස්කෘතික ක්‍ෂේත්‍රවලට අදාළ  ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතය.

දෙරට අතර දිගුකාලයක සිට මිත්‍රශීලී සබඳතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේනගේ මෙම සංචාරය ඉවහල් වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Related posts

கேரளா கஞ்சாவுடன் பெண் கைது

Mohamed Dilsad

ரயில்கள் இரண்டு நேருக்கு நேர் மோதி விபத்து

Mohamed Dilsad

California: Deadly Fire Shuts Down Key Route to Yosemite National Park

Mohamed Dilsad

Leave a Comment