ප්‍රමුඛ පුවත 1

ඉන්දියානු රජයෙන් ජල බවුසර් 08 ක් ශ්‍රී ලංකා රජයට

(උදයම්,කොළඹ) – වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී අවශ්‍ය පානීය ජලය බෙදාහැරීම සදහා ඉන්දියානු රජයෙන් පරිත්‍යාග කරන ලද ජල බවුසර් 08 ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාරදීම ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා විසින් එම ජල බවුසර්වලට අදාළ ලියකියවිලි සහ යතුරු සංකේතාත්මකව මෙහිදී ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබීය.

නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ද ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා වැඩි කිරීමට කටයුතු [VIDEO]

Mohamed Dilsad

නීති විරෝධී ධීවර පන්න ක්‍රම තහනම් කෙරෙන ධීවර පනත අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

බස් ගාස්තුවටත් මිල සුත්‍රයක් එයිද?

Mohamed Dilsad

Leave a Comment