ප්‍රමුඛ පුවත 1

නිදන් සොයා කැනීම් කල කාන්තාවක් ඇතුළු පිරිසක් අත්අඩංගුවේ

(UTV|වැල්ලවාය) – වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ ආදාවෙලයාය ප්‍රදේශයේ දී නිදන් සොයා කැනීම් කල පිරිසක් අත්අඩංගුවට ගැනේ.

සැකකාරියක ඇතුළු සැකකරුවන් දොලොස් දෙනෙකු  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (08) රාත්‍රීයේ වැල්ලවාය පොලිසියේ නිලධාරින් විසින් සිදු කළ සොදෙසි මෙහෙයුමකදි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ආදාවෙලයාය ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක මෙම කැනීම් සිදු කළ අතර මෙම සිදුවීමේ යාග සහ කපු වැඩ පවත්වා ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකාරිය බව වාර්තා වේ.

වයස අවුරුදු 24ත්  54ත් අතරේ පසුවන්නන් වන ඔවුන් පානදුර සහ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට අද(9) ඉදිරිපත් කීරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එමිල් රන්ජන් ළමාහේවා යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

මිලියන 2700කටක අධික හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

අගමැති-වියට්නාම ජනාධිපති නිල සාකච්ඡා අද

Mohamed Dilsad

Leave a Comment