ප්‍රමුඛ පුවත 1

අගමැති-වියට්නාම ජනාධිපති නිල සාකච්ඡා අද

(උදයම්,කොළඹ)  – වියට්නාම සංචාරයේ නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාම ජනාධිපති, ට්‍රාන් දායි ක්වාන්ග් මහතා අතර  නිල සාකච්ඡා අද(17)  වියට්නාමයේ හැනෝයි හිදී පැවැත්වේ.

අග්‍රමාත්‍ය  කාර්යාලය සඳහන් කළේ ඊයේ(16) හැනෝයි නුවරට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස විශේෂ පිළිගැනීමකට ලක්ව තිබේ.

වියට්නාම විදේශ කටයුතු අමාත්‍යංශයේ සහය අග්‍රමාත්‍යවරයා ඇතුළු පිරිසක් විසින් අග්‍රමාත්‍යවරයා ගුවන්තොටුපොළේ දී පිළිගෙන තිබේ.

අග්‍රමාත්‍යවරයා පිළිගැනීම සඳහා ගුවන්තොටුපොළේ විශේෂ හමුදා උත්තමාචාර පෙළපාළියක් ද පවත්වා ඇත.

මේ අතර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිලිගැනීමේ රාජ්‍ය උත්සවය අද පැවැත්වීමට නියමිතය.

අග්‍රමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම සංචාරය ලබන 19 වනදා දක්වා ක්‍රියාත්මකවීමට නියමිතව තිබුණද මීතොටමුල්ල ඛේදවාචකය හේතුවෙන් එම සංචාරක කාලය කෙටි කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

Related posts

ත්‍රස්ත සාමාජිකයා නිදහස් කරගැනීමට පොලිසියට අල්ලස් දුන් සැකකරු යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ලේක් හවුස් හිටපු ප්‍රධානියෙකුට සිදුවූ ප්‍රහාරය ගැන අකිලගෙන් ඉල්ලීමක් [VIDEO]

Mohamed Dilsad

ඉන්දිය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී දිවයිනට

Mohamed Dilsad

Leave a Comment