ප්‍රමුඛ පුවත 1

ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවධානය ඉහළට

(UTV | කොළඹ) – දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් සිදුව ඇති බවත් ඒ අනුව ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ ඉහළ ප්‍රවණතාවක් ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.

මේ දිනවල සක්‍රීයව පවතින නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති අතර කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ද ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2000 කට අධික සංඛ්‍යාවක් වාර්තාවී ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේය.

Related posts

එස්.බී සහ ඩිලාන් පොහොට්ටුවේ සාමාජිකත්වයට

Mohamed Dilsad

අපේක්‍ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් බහුතරය නොලැබුණ හොත්?

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

Leave a Comment