ප්‍රමුඛ පුවත 1

සන්නිවේදන උපකරණ තොගයක් සමඟ චීන ජාතිකයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

(UTV|මීගමුව) – අති නවීන ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ තොගයක් සමඟ චීන ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේදී ව්බව පොලිසිය පවසයි.

නීති විරෝධී ක්‍රියාවල නිරත වන පිරිසක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත අද(07) අළුයම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර තිබේ.

එහිදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

මෙම නිවසේ තිබී අති නවීන ජංගම දුරකථන 402 ක්, විවිධ වර්ගයේ සිම් කාඩ්පත් 17400 ක්, රවුටර් 60 ක් ඇතුළු අධි සන්නිවේදන උපකරණ රැසක් සොයාගෙන තිබේ.

සැකකරුවන් මෙම සන්නිවේදන උපකරණ භාවිත කරමින් විවිධ වංචනික ක්‍රියාවල නිරතව ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයා වීසා නොමැතිව මෙරට නීතිවිරෝධීව රැදී සිටි අයෙකු වන අතර සෙසු සැකකරුවන් දෙදෙනා මීගමුව සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ටෙලිකොම් ආයතනය සහ විදුලි සංදේශ නියාමන කොමිසම එක්ව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පරිසරය සුරැකීමේ තවත් පියවරක් ඇරඹේ

Mohamed Dilsad

ජනපති සහ මැලේසියා අගමැති අතර නිල හමුවක්

Mohamed Dilsad

මරණ දඩුවමට එරෙහිව අභියාචනාධිකරනයට පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment