ප්‍රමුඛ පුවත 1

කැලණිය සරසවියේ අධ්‍යයන කටයුතු අද යළි ඇරඹේ

(UTV| කොළඹ)  – කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨවල අධ්‍යයන කටයුතු අද(06) සිට යළි ආරම්භ කෙරේ.

විශ්වවිද්‍යාල පාලනාධිකාරීය මෙම තීරණය ගෙන ඇත්තේ ආරක්ෂක වැඩපිළිවෙලට අනුකූලව කටයුතු කිරීමට අදාළ පීඨවල ශිෂ්‍ය නියෝජිතයින් එකඟතාව පල කිරීම නිසා බව  එම විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා පැවසුවේය.

ඒ අනුව එම පීඨවල නේවාසිකාගාර සිසුන්ට ඊයේ(05) නේවාසිකාගාර වෙත වාර්තා කළ යුතු වේ.

පසුගිය 30 වනදා කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙක් පීඨ වසාදැමීමට තීරණය කළේ සරසවියේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලට එරෙහිව සිසුන් පිරිසක් කටයුතු කිරිම හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

MCC ගිවිසුම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ඉරාන තානාපති නිල නිවසේ ගින්නක්

Mohamed Dilsad

නයිජීරියානු හමුදාවේ නියෝජිත කණ්ඩායමක් දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment