ප්‍රමුඛ පුවත 1

කැළණිය සරසවියේ පීඨ දෙකක අධ්‍යන කටයුතු හෙට සිට ඇරඹේ

(UTV| කොළඹ)  – කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨවල අධ්‍යයන කටයුතු හෙට(06) සිට යළි ආරම්භ කෙරේ.

විශ්වවිද්‍යාල පාලනාධිකාරීය මෙම තීරණය ගෙන ඇත්තේ ආරක්ෂක වැඩපිළිවෙලට අනුකූලව කටයුතු කිරීමට අදාළ පීඨවල ශිෂ්‍ය නියෝජිතයින් එකඟතාව පල කිරීම නිසා බව  එම විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා පැවසුවේය.

ඒ අනුව එම පීඨවල නේවාසිකාගාර සිසුන්ට අද(05) නේවාසිකාගාර වෙත වාර්තා කළ යුතු වේ.

පසුගිය 30 වනදා කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙක් පීඨ වසාදැමීමට තීරණය කළේ සරසවියේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලට එරෙහිව සිසුන් පිරිසක් කටයුතු කිරිම හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු රිමාන්ඩ්

Mohamed Dilsad

කැණීම් නීති කඩ කළොත් වැඩ වරදිනවා – පතල් කාර්යාංශයේ සභාපති කියයි

Mohamed Dilsad

අද සිට බන්ධනාගාර වලට පොලිස් ආරක්‍ෂාව

Mohamed Dilsad

Leave a Comment