ප්‍රමුඛ පුවත 1

පොහොට්ටු ජනාධිපතිවරණ අපේක්ෂකයා ජාතික සම්මේලනයේදි – විපක්ෂ නායක

 

(UTV – කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා නිල වශයෙන් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සම්මේලනයේදී සිදුකෙරෙන බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

එම ජාතික සමුළුව ලබන සැප්තැම්බරයේ හෝ ඊට පෙර පැවැත්වෙනු ඇතැයිද හෙතෙම පැවසීය.

පසුගියදා පැවති පක්ෂනායක සමුළුවේදී තම සන්ධානයේ සිටින ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයන් පිරිසක් පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා ඉක්මනින් ප්‍රකාශයට පත් කරන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එ.ජා.ප.යද තවමත් සිය අපේක්ෂකත්වය හඳුන්වා දී නැති බැවින් ඒ සඳහා සිය පක්ෂය නිශ්චිත මොහොතේ සුදුසු පියවර ගන්නා බවත් දැනටමත් පක්ෂය තුළ ඒ ගැන මූලික අදහසක් ඇතැයිද රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් වර්ජනය අඛන්ඩව

Mohamed Dilsad

නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 9ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

එජාප රැළිය හේතුවෙන් කොළඹ රථවාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment