ප්‍රමුඛ පුවත 1

වස පානය කල මවක් තම දරුවන්ට කල අපරාධය

(UTV|පොළොන්නරුව)  –  32 හැවිරිදි මවක් විසින් තම දරුවන් තිදෙනාට වස පොවා ඇයද වස පානය කිරීමේ පුවතක් වාර්තාවේ.

ඒ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ගිරිතලේ අක්බෝපුර යාය 1 ප්‍රදේශයේ කාන්තාවක් විසිනි.

ඊයේ (24) සවස 1ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර විශ ශරීරගතවීම හේතුවෙන් එක් දරුවෙකු මිය ගොස් ඇත.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 4ක් වු මනීෂා ඕෂධී තාරුකා නම් එම පවුලේ බාල දරුවායි.

වස පෙවූ කාන්තාව බරපතළ තත්ත්වයෙන් මේ වන විට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව අද දෙරණ වාර්තාකරු පවසයි.

සිදුවීම අවස්ථාවේදී දරුවන්ගේ පියා සිය ඥාතීන්ගේ නිවසක විවාහ මංගල උත්සවයකට සහභාගීව සිට ඇති අතර එදින නැවත නිවසට නොපැමිණ එම ඥාතී නිවසේම නතරවීම පිළිබඳ උරණ වු බිරිඳ විසින් මෙසේ දරුවන් තිදෙනාට වස පොවා තමාත් වස පානය කර ඇති බව අනාවරණය වී ඇත.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මින්නේරිය පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Related posts

වර්ජනය නිසා දුම්රිය ස්ථානවලට පොලිසිය සහ යුධ හමුදාව ආරක්ෂාවට

Mohamed Dilsad

යාන් ඔය වාන් දොරටු සියල්ලම අද (28) පෙරවරුවේ විවෘත කරයි…

Mohamed Dilsad

ඇවන්ගාඩ් සිද්ධියට අදාළ තිදෙනෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment