ප්‍රමුඛ පුවත 1

විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් 2000ක් නැවත සේවයට

(උදයම්,කොළඹ)  – සේවා අවශ්‍යතාවය මත විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් 2000ක්  නැවත සේවයට බඳවා ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ “නිල මෙහෙවර ජනපති ජනතා සේවය” ජාතික වැඩසටහනේ වව්නියාව මන්නාරම් දිස්ත්‍රික් ආරම්භක වැඩසටහනට එක්වෙමිනි.
අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ “නිල මෙහෙවර ජනපති ජනතා සේවය“ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පුරප්පාඩු තනතුරු වෙනුවෙන් නව නිලධාරින් බඳවා ගන්නා තෙක් විශ්‍රාම ගිය ග්‍රාම නිලධාරින් කොන්ත්‍රාත් පදනම මත බදවා ගන්නා බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වව්නියාව, නුවරඑළිය සහ අනුරාධපුර යන දිස්ත්‍රික් තුළ පවතින සීමා නිර්ණ ගැටළු සඳහා කඩිනමින් විසඳුම් ලබා දෙන බවය.

Related posts

දිගුකාලීන විදුලි ජනන සැලැස්ම පිළිබඳ මහජන අදහස් ලබා ගැනේ

Mohamed Dilsad

ජනාධිපති අද චීනය බලා පිටත්ව යයි.

Mohamed Dilsad

වර්ජනයක් ක්‍රියාත්මක වුවද දුම්රිය 6 ක් ධාවනයේ

Mohamed Dilsad

Leave a Comment