ප්‍රමුඛ පුවත 1

මදුමාධවගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(UTV| කොළඹ) – පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ උප නායක මධුමාධව අරවින්ද මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවු කලහකාරී සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලාය.

එහි වගඋත්තරකරුවන් ලෙස මිනුවන්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා, බස්නාහිර පළාත් උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

මධුමාධව අරවින්ද මහතා කියා සිටින්නේ ඉකුත්දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සූදානම් වන බවයි.

මෙම සිද්ධියට අදාළව තමාට එරෙහිව පොලීසිය විසින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තමන්ගේ විදේශ ගමන් තහනමක් ලබා ගෙන ඇති අතර සිය දුරකථන ඇමතුම් විස්තර වාර්තාවක් ලබාගෙන ඇති බවද මධුමාධව අරවින්ද මහතා මෙහිදී පවසා තිබේ.

එමෙන්ම තමාට එරෙහිව පොලීසිය විසින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ කරුණු වාර්තා කර ඇති බව ඔහු සිය පෙත්සමෙන් දන්වා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් නිලධාරින්ට ජනපතිගෙන් සම්මාන ලබාදීම් ඇරඹේ

Mohamed Dilsad

ජලය, විදුලිය සහ ආහාර උපරිම පිරිමැස්මකින් භාවිත කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

දළ පූට්ටුවාගේ මරණය – දැඩි දඬුවම් හා නීති සංශෝධනය කළ යුතුයි

Mohamed Dilsad

Leave a Comment