ප්‍රමුඛ පුවත 1

සයිබර් ප්‍රහාරය විදෙස් කණ්ඩායම් දෙකක් විසින් සිදුකර ඇති බවට තොරතුරු.

(UTV| කොළඹ) – පසුගියදා මෙරට වෙබ් අඩවි 13 කට එල්ල වූ සයිබර් ප්‍රහාරය විදෙස්ගත කණ්ඩායම් දෙකක් විසින් සිදුකර ඇති බව මේ වන විට අනාවරණ වී තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන විධායක නිලධාරී ලාල් ඩයස් මහතා ප්‍රකාශ කළේය.

පසුගිය 18 වනදා එල්ල වූ එක් සයිබර් ප්‍රහාරයක් එක් විදෙස්ගත කණ්ඩායමක් විසින් සහ පසුගිය 19 වනදා එල්ල වූ සයිබර් ප්‍රහාරය තවත් විදෙස්ගත කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබ ඇති බවත් ඔහු පැවසීය.

මේ වන විට සයිබර් ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවි 99% ක් යළි යථා තත්ත්වයට පත් කර තිබේ.

මෙම සයිබර් ප්‍රහාරයෙන් කිසිදු දත්තයක් ලබා ගැනීමට එම ප්‍රහාරකයින්ට අවස්ථාව ලැබී නොමැති බවත් ඒ මහතා සදහන්කර සිටී.

මෙවැනි ප්‍රහාරයක් එල්ල වන බවට මීට පෙර තොරතුරු ලැබී තිබූ බවත් ලාල් ඩයස් මහතා ප්‍රකාශ කළේය.

මේ අතර රජයට අයත් ආයතනවල වෙබ් අඩිවි ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තිරිඟු පිටි ආනයනික බදු අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Mohamed Dilsad

ජ’පුර කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ යළි ඇරේ

Mohamed Dilsad

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ප්‍රතිපලයෙන් සජිත්ගේ ජය තහවුරු වුණා – ඇමති මංගල [VIDEO]

Mohamed Dilsad

Leave a Comment