ප්‍රමුඛ පුවත 1

පාස්කු ඉරිදා එල වූ ත්‍රස්ත ප්‍රහාරයට මාසයක් ගත වෙයි.

(UTV| කොළඹ) – මුළු රටක් කම්පාවට පත්කරමින් අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා මිලේච්ච ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වී අදට (21) මාසයක් ගත වෙයි.

එහිදී කොළඹ තරු පන්තියේ හෝටල් 03 කට සහ දේවස්ථාන 03 කට ත‍්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කරනු ලැබීය.

ජාතික තව්හිද් ජමාද් සංවිධානය මෙම ප‍්‍රහාරවලට සම්බන්ධ බවට පසුව සිදුකරනු ලැබූ විමර්ශණ වලදී තහවුරු විය.

මෙම අවාසනාවන්ත ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 253 දෙනෙකුට ජිවිත අහිමි වී 485 කට අධික පිරිසක් තුවාල ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේය.

මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ගතවු කාලය තුළ රට පුරා විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවක් දියත් කෙරුණු අතර එහිදී ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් 89 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තම නිවාස රූගත කල බවට මන්ත්‍රී රවීගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

Mohamed Dilsad

උත්සව සමයේ වැටලීම් වලින් බීමත් රියදුරන් 1,271කට නීතිමය පියවර

Mohamed Dilsad

කොළඹ තදබදය අවම කිරීමට විශේෂ යෝජනා මාළාවක්

Mohamed Dilsad

Leave a Comment