විදෙස්

හොන්ඩුරාස් ජනපති ඝාතනයට උත්සහ කළ පිරිසට දඩුවම් පැමිණවීම අද

(උදයම්,හොන්ඩුරාස්)  – හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් තුන්දෙනා සම්බන්ධයෙන් නඩු තීන්දුව අද ප්‍රකාශයට පත්  කිරීමට නියමිතය.

යුආන් ඕලැන්ඩෝ හනැන්ඩස් ජනාධිපතිවරයා ඝාතනය සඳහා පැමිණි තිදෙනෙකුගෙන් එක් අයෙකු මෙක්සිකානු ජාතිකයෙකු බව අනාවරණය විය.

මෙම තිදෙනා ජනාධිපතිවරයා ඝාතනයට ලක් කිරීමට උත්සාහ දරා ඇත්තේ ඔහු විසින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බවට වාර්තාවී තිබේ.

සැකකරුවන් 2015 වසරේදී අත්අඩංගුවට ගැනුණු අතර සැකකරුවන් මීට පෙර අදාළ චෝදනාවට වරදකරුවන් බවට අධිකරණය පත් කළේය.ඒ අනුව ඔවුන්ට හිමිවන සිර දඬුවම් අද දිනයේදී අධිකරණය මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Related posts

බිහාරයේ ගං වතුරින් 27 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

අයිවරි කෝස්ට් රාජ්‍යයේ ආරක්ෂක ඇමැතිටත් කොරෝනා

Mohamed Dilsad

අත්ලාන්තික් සාගරයේ එකවර සුළි කුණාටු 05 ක්

Mohamed Dilsad

Leave a Comment