විදෙස්

උතුරු කොරියාව සමඟ ඇමෙරිකාව යළි සාකච්ඡාවකට සුදානම්

(UTV|ඇමෙරිකාව) – උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ ළඟදීම දෙවන හමුවක් පැවැත්වීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

උතුරු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සමඟ නිව්යෝක් නුවර ඊයේ (24) පැවති සාකච්ඡාවකදි ජනාධිපති ට්‍රම්ප් මේ බව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සබඳතා ඉතා හොඳ මට්ටමක පවතින අතර ඇතැම් විට එය සුවිශේෂී වන බව ජනපති ට්‍රම්ප් සඳහන් කර ඇත.

මීට වසරකට පමණ පෙර උතුරු කොරියානු නායකයා සහ ජනපති ට්‍රම්ප් අතර, න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් දැඩි වාග් සංග්‍රාමයක් පැවතුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාකිස්තානයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව ඉහළට [VIDEO]

Mohamed Dilsad

යුක්රේනය සීනොවැක් එන්නත භාවිතය අරඹයි

Mohamed Dilsad

සෞදි යුද්ධ ගුවන් යානයක් යේමනයේදී කඩා වැටෙයි

Mohamed Dilsad

Leave a Comment