ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරං ගෙන ආ නෝවේජියානු ජාතිකයන් 2ක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස සිංගප්පුරුවේ සිට ස්වර්ණාභරණ තොගයක් ගෙන ආ නෝවේජියානු ජාතිකයන් දෙදෙනෙක් ඊයේ (14) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් සිය කලිසම් ඉන ප්‍රදේශයේ මෙම මාල, වළලු සහ මුදු අඩංගු ස්වර්ණාභරණ තොගය සගවා ගෙන සිටියදී අත්අඩංගුවට ගත් අතර එහි වටිනාකම රුපියල් එක් කෝටි දස ලක්ෂයක් වේ.

මෙම සැකකරුවන් දෙදෙනා එරට ප්‍රමුඛ පෙලේ ස්වර්ණාභරණ සාප්පු හිමිකරුවන් බව අප වාර්තාකරු පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 55 හැවිරිදි සහ 18 හැවිරිදි අය වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ රේගු අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිසා විනිසුරුවරුන් ඇතුළු මහේස්ත්‍රාත්වරුන් 34 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

අලුගෝසු තනතුරට ඇමරිකානුවෙක් ඉල්ලුම් පත‍්‍රයක් එවයි…

Mohamed Dilsad

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරියාට ලැබුණු අලුත්ම ගෞරව සහතිකය

Mohamed Dilsad

Leave a Comment