ප්‍රමුඛ පුවත 1

රක්ෂිතවල පස්, වැලි, බොරළු සහ කළුගල් කැණීම සදහා බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කරයි

(උදයම්,කොළඹ) – වන සංරක්ෂණයට අයත් රක්ෂිතවල පස්, වැලි, බොරළු සහ කළුගල් කැණීම සදහා බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කර ඇති බව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව් පවසයි.
මෙතෙක් පුද්ගලිකව සහ විවිධ සමාගම් මගින් ඉදිරිපත් වී බලපත්‍ර ලබා ගනිමින් අදාළ කැණීම් සිදුකළ බව වන සංරක්ෂණ ජනරාල් අනුර හතුරුසිංහ මහතා පැවසීය.
නමුත් පවතින පාරිසරික අර්බුධ පිලිබඳ සලකා බලා මින් ඉදිරියට එම සියළු අවශ්‍යතාවයන් සදහා රජයේ ආයතනයක් මගින් සිදුකිරීමට තීරණය කර තිබේ.
නිසි ක්‍රමවේදයකින් තොරව පස්, වැලි, බොරළු සහ කළු ගල් කැණීම සිදුවන බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

Related posts

දුම්රියේ සිඟමනේ යෙදුණු පුද්ගලයින් අධිකරණයට

Mohamed Dilsad

අලුගෝසු තනතුරට යළි අයදුම්පත් කැඳවයි.

Mohamed Dilsad

ප්‍රවීන ගායක සංගීතඥ අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment