ප්‍රමුඛ පුවත 1

පස්වන ණය වාරිකය නිදහස් කරන්න IMF අනුමැතිය

(UTV| කොළඹ) – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදලේ පස්වන වාරිකය නිදහස් කිරීමට අනුමැතිය හිමිව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊයේ(13) දිනයේ දී අදාළ අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරීත්වය පිළිබදව 5 වන ඇගයීම අවසන් කිරීමෙන් අනතුරුව මෙලෙස අනුමැතිය ලබාදී ඇත.

මෙරට ගෙවුම් ශේෂය හිඟය පියවීම සහ විදෙස් සංචිත ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම දිගුකළ අරමුදල් පහසුකම ශ්‍රී ලංකාව සඳහා ලබාදෙන අතර, විධායක මණ්ඩලය ඊයේ ගනු ලැබූ තීරණය අනුව තවත් ඩොලර් මිලියන 164ක වාරිකය ද නිකුත් කිරීමට නියමිතය.

ඒ අනුව IMF මූල්‍යාධාරය යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් මුළු මුදල ඩොලර් බිලියන 1.15 දක්වා ඉහළ යයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගත වූ පැය 24 තුල බිමත් රියදුරන් 274 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්ද්‍රානි සේනාරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා

Mohamed Dilsad

බීමත් රියදුරන් 217 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment