ප්‍රමුඛ පුවත 1

ඉන්ද්‍රානි සේනාරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා

(UTV| කොළඹ) – අභාවප්‍රාප්ත ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්න කලා ශිල්පිනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා(27) සිදු කිරීමට නියමිතය.

ඇයගේ දේහය මේ වන විට බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති අතර ඇයට අවසන් ගෞරවය දැක්වීම සඳහා රසික ජනතාව විශාල වශයෙන් පැමිණමින් තිබේ.

අසනීප තත්ත්වයෙන් පසුවූ ඉන්ද්‍රානි විජේබණ්ඩාර සේනාරත්න කලා ශිල්පිනිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(23) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණි.

මිය යන විට 83 වැනි වියේ පසුවූ ඇය ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සිසිර සේනාරත්නයන්ගේ ආදරණීය භාර්යාව වූ අතර දරුවන් තිදෙනෙකුගේ මවකි.

වෙසක් කැකුළු අතුඅග හිඳ නටන විලාසේ, ආදරෙයි මම ආදරෙයි, ගයා ගීතයන්, සුදුසඳ එළියේ, හදපානේ මල් පිපුණා, හොඳ හොඳ ළමයින් අපි වාගේ, යන ගීත රසිකයින් අතර මහත් ජනාදරයට පත් ඇය සම්මාන රැසකින්ද පිදුම් ලැබුවාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඊ.ටී.අයි තැන්පත්කරුවන්ගෙන් උණුසුම් විරෝධයක්

Mohamed Dilsad

රාජ්‍ය සංගීත සම්මාන උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

06 වනදා පාසල් ආරම්භය 6 වසරින් ඉහළ දරුවන්ට පමණයි

Mohamed Dilsad

Leave a Comment