ප්‍රමුඛ පුවත 1

ත්‍රිකුණාමලයේ ඩෙංගු මඩින්න රුපියල් මිලියන 05 ක්

(උදයම්,ත්‍රිකුණාමලය)  – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැතිර යන ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් රුපියල් මිලියන 05 ක මුදලක් වෙන්කර ති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බවය.

ගතවූ සති දෙකක කාලය තුළ පමණක් කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ.

මේ නිසා කින්නියා අධ්‍යාපන කලාපයට අයත් පාසල් 66 ක් වසා තැබීමට බලධාරීන් පියවර ගත්තේය.

මේ වනවිට ත්‍රිකුණාමලය සහ කින්නියා රෝහල්වල ඉඩ පහසුකම්ද රෝගීන් සඳහා ප්‍රමාණවත් නොවන බව වාර්තා වෙයි.

කෙසේවෙතත් නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය ඒ.එල්.එම්. නසීර් සඳහන් කළේ කින්නියා ප්‍රදේශයට විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු 23 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දැනටමත් යොමුකර ඇති බවය.

Related posts

නාලක ද සිල්වා අදත් CID එයි

Mohamed Dilsad

කංජිපානිට දුරකථන රැගෙන ගිය පියා ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

නව විගණන පනත ගැන දැනුවත් කිරීමක් .

Mohamed Dilsad

Leave a Comment