ප්‍රමුඛ පුවත 1

ජාතික පාසල් විදුහල්පතිවරුන්ට පැනවෙන අලුත්ම කොන්දේසි.

(UTV| කොළඹ) – ජාතික පාසල් විදුහල්පතිවරයෙකුට/විදුහල්පතිවරියකුට වසර 10 ක එකම පාසලක සේවය කල හැකි කාල සිමාව මින් පසු වසර 08 ක කාල සීමාවක් පමණක් බව අධ්‍යාපන සේවා කමිටුව තීරණය කර තිබේ.

අධ්‍යාපන සේවා කමිටුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ අධ්‍යාපන පරිපාලනයේ සෙසු සියලු නිලධාරීන්ට එක් ස්ථානයක සේවය කළ හැක්කේ වසර 06 ක් වන ප්‍රතිපත්තිය ලබන සතියේ අනුමත කිරීමට නියමිත බවයි.

ගුරු සංගම් පසුගියදා පෙන්වා දුන්නේ අධ්‍යාපන පරිපාලන සේවයේ තෝරා ගත් විදුහල්පතිවරුන්ට පමණක් නොව සියලූම නිලධාරීන්ට අදාළ ස්ථාන මාරුවීම් ලබාදිය යුතු අතර අධ්‍යාපන සේවා කමිටුව මේ සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති බවයි.

පාසල් 250 කට අධික සංඛ්‍යාවකට විදුහල්පති සේවයේ හිඟයක් තිබෙන බැවින් ඒ සඳහා ඉදිරියට අයදුම්පත් කැඳවෙන නියමිතයි.

ඊට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කිරීමට නියමිත අතර දැනට ස්ථාන මාරුවීම් ලබා ඇති විදුහල්පතිවරුන්ට මේ සඳහා අයදුම් කළ හැකි බව අධ්‍යාපන සේවා කමිටුවේ උසස් නිලධාරියා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෘත්තීය සමිති ගණනාවක් අද කොටුවට රැස්වෙයි

Mohamed Dilsad

බෝපේ – පෝද්දල ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

පුත්තලම – මන්නාරම මාර්ගයේ කොටසක් ජලයෙන් යටවෙයි

Mohamed Dilsad

Leave a Comment