ප්‍රමුඛ පුවත 1

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරුන්ට උපදෙසක්

(UTV| කොළඹ) – ළමුන් සංඛ්‍යාව සැලකිල්ලට නොගෙන අධ්‍යන කටයුතු සමාන්‍ය පරිදි සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ගුරුවරුන්ට දැනුම් දෙයි.

පාසල් පද්ධතියේ ආරක්ෂාව තහවුරු කර තිබුණ ද, ළමුන්ගේ පැමිණීම අවම මට්ටම තිබීමෙන් විෂය නිර්දේශය නිසි කලට ආවරණය කර ගැනීමේ ගැටලු මතුවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පවසයි.

පාසලට පැමිණෙන සිසුන්ට අධ්‍යන කටයුතු සිදු කළ යුතු බවත එසේ නොවුනහොත් පාසැලට පැමිණෙන දරුවන්ට අසාධාරණයක් සිදුවන් බවත් , ලේකම්වරයා පෙන්වා දෙයි.

මේ අතර, පාසල් සඳහා ළමුන් පැමිණීම අවහිර වන පරිදි අසත්‍ය ප්‍රචාර පැතිර වු බව කියන සිදුවීම් 4ක් පමණ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබේ.

කුරුණෑගල, ගම්පහ සහ මීගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මෙම සිදුවීම වාර්තාවී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යාංශය සඳහන් කළේ, එම සිද්ධින් සම්බන්ධයෙන්, ඒ ඒ කලාප මට්ටමින් පියවර ගන්නා ලෙස , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දී ඇති බවයි.

එවැනි ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව එම අමත්‍යංශය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2020 දී විශ‍්‍රාම නොගන්න බව ජනපති කියයි

Mohamed Dilsad

කසල තේ කිලෝග්‍රෑම් 18,000ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඇමති ජනක බණ්ඩාර නොබලා අත්සන් කල සයින්දමරුදු ගැසට් නිවේදනය

Mohamed Dilsad

Leave a Comment