ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී නාමල්ගේ විදෙස්ගත වීමේ තහනම ඉවතට

(උදයම්,කොළඹ) – ආසියානු නීතිඥ සංගමය සංවිධානය කරන පාපන්දු තරගාවලියක්  සඳහා ශ්‍රි ලංකා නිතිඥ කණ්ඩායම නියෝජනය කරන බැවින් එයට සහභාගී වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතාට පනවා ඇති විදේශගත වීමේ තහනම ඉවත් කරන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීම භාර ගනී.

අද (16)  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන්  ඔහු ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම සළකා බලා ඔහුට දෙසැම්බර් 31 වැනි දා දක්වා පනවා ඇති විදේශ තහනම ඉවත් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ටොස්කි මහතා අවසර ලබා දුන්නේය.

ඒ අනුව මාර්තු 23-26 දක්වා කාල සීමාව තුළ වියට්නාමයේ දී මෙම පාපන්දු තරගාවලිය පැවැත්වීමට නියමිතය.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු දෙකකට අදාලව මහේස්ත්‍රාත් අධීකරණයෙන් නාමල් රාජපක්ෂ මහතාට නඩු පවරා තිබේ.

Related posts

පිරිමි දරුවෙකුට පහරදී ඝාතනය කළ බවට කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

විරෝධතාවක් හේතුවෙන් ලෝටස් වටරවුම වසා දමයි

Mohamed Dilsad

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 13ක් ඇප වෙයි

Mohamed Dilsad

Leave a Comment