ප්‍රමුඛ පුවත 1

පොලිස්පතිට සහ හිටපු ආරක්‍ෂක ලේකම්ට සිතාසි

(UTV| කොළඹ) – පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට අධිකරණ හමුවේ පෙනී සිටින්නැයි අද අධිකරණය නියෝග කරයි.

ඒ අනුව ඔවුන්ට ලබන 21 වන දා අධිකරණය හමුවේ පෙනී සිවීමට සිදුවේ.

වැල්ලවත්තේ පදිංචි සමන් නන්දන සිරිමාන්න යන අය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී  අධිකරණය එම නියෝගය නිකුත් කළේ ය.

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවනු ලැබුවේ, ප්‍රසන්න ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

පෙත්සම්කරු අධිකරණයට පෙන්වා දුන්නේ, සිය දියණිය හා පුත්‍රායා පසුගිය 21 වන දා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවාස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය බවත් ඒකි ත්‍රස්තවාදි ප්‍රහාරය ඒල්ල වී ඇත්තේ එය වැළැක්වීමට පොලිස්පතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා නිසි පියවර නොගැනීම නිසා බවත් ය.

ඒම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ, වග උත්තරකාර පූජිත් ජයසුන්දර මහතා හෝ හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් පෙනී නොසිටින බවයි.

ඒ අනුව ඔවුන්ට නොතීසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට නියෝග කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසල් සිසුන් 30,000 කට හස්ත කර්මාන්ත පුහුණුව දී තිබෙනවා – ඇමති රිෂාඞ්

Mohamed Dilsad

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේ චක්‍රලේඛයේ ගැටළු – ගුරු සංගම්යෙන් චෝදනා

Mohamed Dilsad

ඉන්දියානු රජයෙන් ජල බවුසර් 08 ක් ශ්‍රී ලංකා රජයට

Mohamed Dilsad

Leave a Comment