විදෙස්

බ්‍රිතාන්‍ය රජ පවුලේ 7වැනි කුමරු උපත ලබයි.

(UTV| බ්‍රිතාන්‍ය(බ්‍රිතාන්‍ය රජ පවුලේ සසෙක්ස් ආදිපාදවරිය වන මේගන් මර්කල් කුමරිය කුළුදුල් පුත්‍රයෙකු බිහිකළ බව සසෙක්ස් ආදිපාදවරයා වන හැරී කුමරු ඊයේ (06) දිනයේ නිල වශයෙන් මාධ්‍යට දැනුම්දෙනු ලැබුවේය.

මේගන් මාකල් කුමරිය සහ පුත් කුමරු යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් හැරි කුමරු නිවේදනය කරනු ලැබුවා.

එක්සත් රාජධානියේ රජකමට හිමිකම් කිව හැකි කුමර කුමරියන්ගේ ලැයිස්තුවේ හත්වැනි ස්ථානය අලුත උපන් කුමරුට හිමිවෙයි.

අලුත උපන් කුමරාගේ බර රාත්තල් 07 යි අවුන්ස 03 ක් බව බකිංහැම් මාලිගය තහවුරු කරන අතර , කුමරුගේ ඉපදීමත් සමග
තමන් ඉතාමත් ප්‍රීතියෙන් සිටින බවත් , තමන් සමඟ සිටින ජනතාවට උපහාරය පුදකරන බවත් හැරී ප්‍රකාශ කළේය.

රාජකීය පවුලට එක්වන අලුත්ම කුමරා හට මෙතෙක් නම් තැබීම සිදුකර නැහැ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000  [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිම මිනිසකුගේ හැඩයට සමාන ග්‍රහවස්තුවක්.

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානුවන් සඳහා Vaccine Passport නිකුත් කිරීම ඇරඹේ

Mohamed Dilsad

කිම් ජෝන් නෑම් ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment