ක්‍රීඩා

ලෝක කුසලානයට යන අපේ කණ්ඩායම අද පිටත්වූ හැටි(වීඩියෝ)

(UTV| කොළඹ) – ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායම අද පෙරවරුවේ එංගලන්තය බලා පිටත්ව ගියහ.

පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේද ආරක්ෂාව දැඩි කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගෙන තිබුණි.

ඒ අනුව ශී‍්‍ර ලංකා පිලේ ආරක්ෂාව සඳහා සහකාර පොලිස් අධිකාරීවරයෙක් සහ පොලිස් පරික්ෂවරු දෙදෙනෙක් ඇතුලූ නිලධාරීන් කණ්ඩායමක්ද ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග අද එංගලන්තය බලා පිටත්ව ගියහ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ දිමුත් කරුණාරත්න විසිනි.

ලබන 30 වැනිදා  ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ආරම්භ වන අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය ජූනි මස පළමු වැනිදා පැවැත්වේ.

ඒ කාඩිෆ් හිදි. ලෝක කුසලාන තරගාවලියට පෙර ශි‍්‍ර ලංකා කණ්ඩායම ස්කොට්ලන්තය සමග එක්දින තරග දෙකකට සහභාගිවීමට නියමිතය.


[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ඔස්ට්‍රේලියාව සමග තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

මාලිංගගෙන් කරුණු විමසීමට සුදානම්

Mohamed Dilsad

LPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් මෙන්න

Mohamed Dilsad

Leave a Comment