ප්‍රමුඛ පුවත 1

කොල්ලකරුවන් පැහැරගත් ‘අරිස් 13’ සිටි ශ්‍රී ලාංකිකයින් හෙළි වෙයි

(උදයම්,කොළඹ)  –  මුහුදු කොල්ලකරුවන් විසින් ග්‍රහණයට ගෙන ඇති බවට සැක කෙරෙන අරිස් 13 නමැති වෙළඳ නෞකාවේ ගමන් කල ශ්‍රී ලාංකිකයන්ගේ නම් අනාවරණය කෙරේ.කාක දුපත, ගාල්ල, අකුරැස්ස,හොරණ,දෙවිනුවර,මතුගම,කඳාන සහ මීගමුව ප්‍රදේශවල පදිංචි ලාංකිකයන් 8 දෙනෙකු එහි සිටින බවට අනාවරණ වී ඇති අතර පැහැර ගැනීමට ලක්වු නෞකාව මුදා හැරීමට කොල්ලකරුවන් විසින් කප්පම් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පැහැරගනු ලැබූ නෞකාවේ සිටි ලාංකිකයන්ගේ නම් වන්නේ නෞකාවේ කපිතාන්වරයා වන නිකලස් ඇන්තනී-කාක දූපත , නෞකාවේ ප්‍රධාන නිලධාරි රුවන් සම්පත්- මතුගම, නෞකාවේ තෙවන නිලධාරි දිලීප රණවීර – ගාල්ල , සුනිල් පෙරේරා -කඳාන, නාවික නිලධාරි ලහිරු ඉදුනිල් විදානපතිරණ – අකුරැස්ස, ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල – හොරණ , එහි තෙවැනි ඉංජිනේරු ජනක සමේන්ද්‍ර -දෙවිනුවර ,අරක්කැමි ඒ.ෂන්මුගම් – මීගමුව යන පිරිස මේ වන විට කොල්ලකරුවන් ග්‍රහණයේ පසුවෙති.

මේ අතර සෝමාලි කොල්ලකරුවන් ගේ අත්අඩංගුවේ සිටින මෙම ලාංකික නැවියන් ගැන කෙන්යාවෙ නයිරෝබි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හා ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය තොරතුරු සොයා බලමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එසේම අරිස් 13 නමැති වෙළඳ නෞකාව පිළිබඳව බහරේන් ඒකාබද්ධ සමෘද්ධීය බලකා මූලස්ථානය විසින් ගුවන් යානා මඟින් සෝදිසි මෙහෙයුම් දියත් කරයි.බහරේන් ඒකාබද්ධ සමෘද්ධීය බලකා මූලස්ථානයේ 151 වන ඒකාබද්ධ කාර්ය බලකාය විසින් PC 3 දරණ ගුවන් යානා මඟින් අදාළ මෙහෙයුම් දියත් කර ඇති බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අරිස් 13 දරණ වෙලඳ නෞකාව පසුගිය 13 වන දා  සෝමාලියාවේ මොගඩිෂු දක්වා යාත්‍රා කරමින් සිටියදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවී ඇති බව වාර්තා විය.මෙම නෞකාව මාර්තු මස 08 වන දින ජිබියුටි රාජ්‍යයෙන් පිටත්ව සෝමාලියාවේ මොගඩිෂු දක්වා යාත්‍රා කර ඇති අතර තමන් වෙත අවි සවි කර ඇති යාත්‍රා දෙකක් වේගයෙන් පැමිණෙන බව මාර්තු මස 13 වන දින ප්‍රංශ සමෘද්ධීය මුදවාගැනීමේ මධ්‍යස්ථානය වෙත දැනුම් දී ඇති බව නාවික හමුදාව පවසයි.

මෙම නෞකාවේ කාර්යමණ්ඩලයේ 08 දෙනාම ශ්‍රී ලාංකිකයින් වන අතර නෞකාව ස්ථිරවම මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවී ඇති බව සහතික කරගැනීම සඳහා බහරේන් හි ඇති ඒකාබද්ධ සමෘද්ධීය බලකා මූලස්ථානය විසින් විමර්ශන ආරම්භ කර ඇති බව ද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

කළගෙඩිහේන වෑන් රථයකට පහර දුන් සිද්ධියට අදාළ ගණිත දේශක දිනේෂ් නුවන් අමරතුංග රිමාන්ඩ්

Mohamed Dilsad

එජාපයේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීමට රැස්වීමක් [VIDEO]

Mohamed Dilsad

ජපාන අග‍්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත පිරිස ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment