ප්‍රමුඛ පුවත 1

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – කටුනායක ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ දී වැටලීමක් සිදු කර අයිස්ති මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙමෙ වැටලීම් සිදු කර ඇත.

එහිදී ‍ඉන්දියාවේ චෙන්නායි සිට ගුවන් මගින් මෙරටට පැමිණී ශ්‍රී ලාංකීය පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේ දී ඔහු රැගෙන පැමිණි ගමන් බෑගයේ ව්‍යාජ පතුලක් තුළ සඟවා තිබූ මෙත්ඇම්පිටමින් හෙවත් අයිස් නැමති මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 901 ක් සොයා ගෙන තිබේ.

ඒ අනුව සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනුණි.

වයස අවුරුදු 68 ක් වු මාබෝල, වත්තල ලිපිනයේ පදිංචි මොහොමඩ් හසාන් මොහොමඩ් අක්‍රම් නමැති පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරු අද(07) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක් රැඳවුම් නියෝග ලබා ගෙන වැඩි දුර විමර්ශන සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත බාර දීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රාථමික කාර්මික අමාත්‍යාංශයේ උතුරු පළාත් නව කාර්යාලය වවුනියාවේදී

Mohamed Dilsad

විදේශ ණය සම්බන්ධයෙන් චීනය විශේෂ ප‍්‍රකාශයක්

Mohamed Dilsad

කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment