විදෙස්

ඉන්දීය මැතිවරණයේ සිව් වන අදියර ඇරඹේ

(UTV| කොළඹ) – අදියර 7කින් යුත් ඉන්දීය මහ මැතිවරණයේ හතරවැනි අදියරේ ජන්ද විමසීම අද ආරන්භ කෙරුණි.

ප්‍රාන්ත 9 ක ඡන්ද දායකයින් මිලියන 127කට වැඩි ප්‍රමාණයක් මෙමෙ අදියර යටතේ ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

ඒ අනුව මහාරාෂ්ට, ඔරිස්සා , මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන්, බිහාර්, උත්තර් ප්‍රදේශ් , බටහිර බෙංගාලය , ජාර්කාන්ද් , ජම්මු – කාශ්මීරය යන ප්‍රාන්ත නවයේ ජන්ද කොට්ඨාස 71 ක් මුල්කරගනිමින් සිව් වන අදියරේ ඡන්ද ව්මසීම පැවැත්වේ.

මෙම අදියරේදී භාරතීය ජනතා පක්ෂ අපේක්ෂක බයිජායන්ත් පාන්කඩා , කොංග්‍රස් පක්ෂ අපේක්ෂිකා උර්මිලා මතෝන්ද්කාර් , සමාජ්වාදී පක්ෂ අපේක්ෂක ඩිම්පල් යාදෙව් ඇතුලු පිරිසක් වෙත වැඩි අවධානයක් යොමුව ඇත.

එසේම ජෝද්පූර් සහ බෙගුසාරයි යන ආසන වෙත වැඩි අවධානයක් යොමුකෙරෙන බව ඉන්දීය වාර්තා වල දැක්වේ.

ලබන මැයි මස 19 වැනි දින අවසන් වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල මැයි 23 වැනි දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ට්‍රේලියා ඇමරිකා නායකයින් මුල්වරට හමුවෙයි

Mohamed Dilsad

ඉරාන විප්ලවකාරී හමුදාව ඇමෙරිකාව විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරයි

Mohamed Dilsad

අපනයන සඳහා විදේශ රටවල් පනවා ඇති තීරු බදු සංශෝධනය නොකළොත් ශ්‍රී ලංකා ආර්ථිකය අවධානමේ – ශ්‍රී ලංකා මහ බැංකුව

Editor O

Leave a Comment