ප්‍රමුඛ පුවත 1

අදත් පස්වරුවේ වැසි ඇතිවන ලකුණු

(උදයම්,කොළඹ) – දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වල (මි.මී 75ක  පමණ)  තරමක් තද වැසි ද  ඇති විය හැක.

නැගෙනහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

කෙසේ වෙතත් ඉදිරි දින වලදී (මාර්තු මස 17 වන දින සිට) පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

ආරක්‍ෂක අංශ සහ වැලි ජාවාරම්කරුවන් අතර ගැටුමක්

Mohamed Dilsad

උසස් පෙළ විභාගය අදින් ඇරඹේ.

Mohamed Dilsad

ගෝඨාභය ඇතුලු 7 දෙනාගේ නඩුව විභාගයට ගැනීම අද සිට

Mohamed Dilsad

Leave a Comment